කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටළු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් සකස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියළු පාර්ශ්වකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමටයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization of the United Nations) ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ තීරණාත්මක ගැටළු රැසක් සාකච්ඡා කළ අතර, ආහාර සුරක්ෂිතතාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ BESPA ආහාර ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ මාර්තු මස මීට අදාල පළමු උපදේශන වැඩමුළුව පැවැත්වීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan මෙහිදී යෝජනා කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් උසස් තාක්ෂණයන් සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමඟින් කෘෂිකර්මාන්ත ක්ෂේත්රය නවීකරණය කිරීමට මෙරට ට සහාය දක්වන බව සඳහන්.
එමෙන්ම ඵලදායිතාව සහ දිගුකාලීන පැවැත්ම ඉහළ නැංවීම සඳහා පාංශු කළමනාකරණය, ගුණාත්මක පොහොර භාවිතය සහ ඉතා සුදුසු කෘෂි විද්‍යාත්මක භාවිතයන් අවධාරණය කරමින් තිරසාර භාවිතයන් පිළිබඳව කුඩා වතු හිමියන් පුහුණු කිරීම ද සිදු කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ක්‍රියාකාරී කණ්ඩායම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ජල කළමනාකරණය, වන වගාව, හදිසි ප්‍රතිචාරය සහ වෙනත් ආශ්රිත විෂයයන් පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් සමන්විත වනවා.
එම සම්පත් දායකයින්ගේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාත් එම කණ්ඩායම් මෙරටට යෝග්‍ය ආකාරයෙන් සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් උපරිම සන්නිවේදන දායකත්වය ලබා දීමට සුදුසු සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.