අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදීයි.
එහිදී නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාව පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ද සිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














