අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදීයි.
එහිදී නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාව පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ද සිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










