ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් විවෘත්ත කර තිබෙනවා.
අද දින පෙරවරු 10.00ට යෙදුණු සුභ මොහොතින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙය විවෘත කරන කර තිබුණා.
කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ අක්කර 20ක භූමි භාගයක් පුරා මෙම සූර්ය බලාගාරය ව්‍යාප්තව තිබෙනවා.
මෙම සූර්ය බලාගාරය පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ අනු සමගමක් වන ඡ්ඡ ඵඡ්‍යඛ ීදක්ර පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.
බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම විශේෂයෙන් විදුලි ජනනයේදී පුද්ගලික අංශයේ ආයෝජන පිළිගනිමින් හා දිරිමත් කරමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.
විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් හා සමාගම් රටට ආශිර්වාදයක් වන බවත් පුද්ගලික අංශය සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම ඉතාම ඉහළින් අගය කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධfාරණය කළා.