මෙක්සිකෝවේ, පැසිෆික් වෙරළ තීරයට බලපා ඇති එරික් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී අතිශයින්ම භයානක වූ සිව් වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව එරට බලධාරින් ජනතාවට දැනුම් දී ඇත්තේ නිකුත් කරන නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි. එමෙන්ම මෙක්සිකෝවේ ගුවෙරේරෝ සහ ඔක්සාකා හි පදිංචිකරුවන්ට ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙනවා.