Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මූල්‍ය වංචාවකට හිරේ ගිය අයෙක්ට වෙසක් පොදු සමාවෙන් නිදහස් ලැබුණු හැටි හොයන්න CIDයට පැමිණිල්ලක්

    මූල්‍ය වංචාවකට හිරේ ගිය අයෙක්ට වෙසක් පොදු සමාවෙන් නිදහස් ලැබුණු හැටි හොයන්න CIDයට පැමිණිල්ලක්

    2025-06-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.137 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැත්තා නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යන්‍ස්ථාවේ 34(1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිව ඇති බවයි.

    ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරනු ලබනවා.

    එම ලේඛනය අධිකරණ අමාත්‍යංශය විසින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවනවා.

    කෙසේ වෙතත් ඉහත සිදුවීමට අදාළව මැයි මස 06 දැනිතව හා 06/01/යෝජිත/ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත්ව නොතිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව සමාවදීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් අතුළත්ව නොමැති බවද සඳහන්.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ(06) දින ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමටත් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද සඳහන්.

    මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධානාගර දෙපාර්තමේන්තුවද කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවයි.

    අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුල තිලකරන්න නමැති මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවයි.

    එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බවද නිවේදනයේ දැක්වෙනවා.

    පසුගිය මැයි මස 12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 5 වැනි දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙලෙස වෙසක් පොදු සමාව යටතේ නිදහස් කර ඇත්තේ සීඩීබී නම් ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයෙක ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

    පෙර පුව​තපළමු මාස 05 තුල විදෙස් සංචාරකයින් ලක්ශ 10 ක්
    ඊළඟ පුව​ත රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group