මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨසය උතුරු පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඩයලොග් මෙගා වාසනා නමැති දිනුම් ඇදීම තුළින් මුදල් ත්‍යාග ලැබී ඇති බවට පුද්ගලයින් රවටමින් අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙක් සහ සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උතුරු පළාත් ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු සහ සැකකාරිය ඊයේ(05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 29ක් පමණ වන බවත් ඔවුන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසනවා.
පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













