හොංකොං රජය විසින් එරට මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කර තිබූ නීතිය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දින 959ට පසු අද සිට එරට තුළ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කළේ.
කෝවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් මෙලෙස හොංකොං තුළ මුහුණු ආවරණ පැලදීම 2020 ජූලි 15 වැනිදා සිට අනිවාර්ය කර තිබුණා.
එහිදී පොදු ස්ථාන වල මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් සදහා ඩොලර් 1,000ක දඩ මුදලක් පැණවීමට කටයුතු කර තිබූ අතර, ඒ අනුව අද සිට එම නීතියද ක්‍රියාත්මක නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා තුළ වැඩි දුරටත් සදහන් කර තිබුණේ.