අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී මුදල් වංචා කරමින් ව්‍යාපාර සිදු කළ විදෙස් ජාතිකයන් පිරිසක් මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(27)උදෑසන මීගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වටලා මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කරමින් ව්‍යාපාර සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 16 දෙනෙක් සහ කාම්බෝජ ජාතිකයන් දෙදෙනෙක් පරිගණක සහ එම උපාංග සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.
මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














