රුපියල් කෝටි දෙකයි ලක්ෂ 17කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පෞද්ගිලික රෝහල් ජාලයක, ජා ඇල ශාකාවේ සේවය කළ මුදල් අයකැමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













