චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම, අමෙරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් එක් ලක්ෂ 91,600ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව විමර්ශන පැවැත් වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 54 හැවිරිදි චීන ජාතික කාන්තාවක් බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.