මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට හතයි දශම හතයි පහක මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති බවයි සඳහන් වන්නේ. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සළකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.