2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස විදෙස් සඟරාවක් විසින් නම් කර තිබෙනවා .
ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් ( Big 7 Travel ) විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත්තේ .
මෙම ලැයිස්තුව සදහා ලොව පුරා ගමනාන්ත ඇතුළත් වන අතර 2025 වසරේ දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරමින් ලැයිස්තුව සකසා තිබෙනවා.
නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන රැසක් මෙම වසරේ ශ්‍රේණිගත කිරීම සදහා ඇතුලත් කිරීමටයි අදාළ වෙබ් අඩවිය කටයුතු කර ඇත්තේ.
මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, සමාජ මාධ්‍යවල ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අනුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් පසු කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීම විශේෂත්වයක් .
මේ සදහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එහි සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය හේතුවෙන් බවයි බවයි වාර්තා වන්නේ