මීටියාගොඩ මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වන තෙක් අත්අඩංගුවට නොමැති බව වාර්තා වෙනවා.
මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණේ අද පස්වරුවේදීයි.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.