ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදෙස් ගත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවනාගාරයේදී අද දින (2025.08.31) සිදු කරන ලදි.
මෙහිදී විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් 84 දෙනෙකු සඳහා රු.මිලියන 2.655 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව බෙදා දෙන ලදි.
මේ යටතේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 17 ක් සඳහා එක් අයකුට රු.25,000.00 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 17 වෙනුවෙන් රු.425,000.00 ක මුදලක්ද, අ.පො.ස සා/පෙළ සමත් දූ දරුවන් 45 එක් අයෙක් වෙනුවෙන් රු.30,000.00 ක වටිනාකමින් ශිෂ්‍යත්ව 45 සඳහා රු.1,350,000.00 ක මුදලක්ද, උසස් අධ්‍යාපනය සමත් දූ දරුවන් 22 එක් අයෙක් වෙනුවෙන් රු.40,000.00 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 22 සඳහා රු.880,000.00 ක මුදලක්ද, ලබා දුන් අතර ඒ අනුව අද දින ශිෂ්‍යත්වලාභීන් 84 දෙනෙකු සඳහා ලබා දුන් මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු.මිලියන 2.655 ක් වේ.
මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන සඳහා අයදුම්පත් යොමු කළ ශිෂ්‍යත්වලාභීන් 1628 දෙනෙකු සඳහා රු.මිලියන 50.88 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ඉදිරියේදී බෙදා දීම නියමිතය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමාජ සංවර්ධන L.Y..පතිරණ මහතා හා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීණී W.I.L.P වීරසිංහ මහත්මිය, සුභ සාධන අංශයේ කළමනාකාරීන් දෙපළ ඇතුළු කාර්යමණ්ඩලය සහ දෙමාපියන් සහභාගී විය.
1996 වර්ෂයේ දී ආරම්භ වූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මේ දක්වා අඛණ්ඩව කාර්යාංශ සුභ සාධන අංශය මඟින් සංවිධානය කරනු ලබයි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීමට හා ඒ පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන්න.