රුපියල් මිලියන විස්සකට අධික දළ වීදී වටිනාකමකින් යුක්ත ගංජා කිලෝ 101 ග්‍රෑම් 600ක් පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
ඒ උතුරු මැද සහ වයඹ නාවික විධාන එක්ව සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
සැකකටයුතු උර හතළිස් තුනක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම උරතුළ සූක්‍ෂම ලෙස අසුරා තිබූ කංසා කිලො 101 ග්‍රෑම් 600 පමණ තොගයක් ඒ අනුව නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සැක පළ කරන්නේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇති බවටයි.
මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කංසා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන විස්සකට අධික වන බවට නාවික හමුදාව විශ්වාස කරනවා.
අත්අඩංගුවට ගැනුනු ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.