Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැර තර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමේ

    මැර තර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමේ

    2025-10-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රෝගින් සමග පැමිණෙන බාහිර බීමත් පුද්ගලයන්ගේ මැරතර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසා දමා තිබෙන බව වාර්තා වනවා.

    දිගින් දිගටම පැමිණෙන තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ට ආරක්ෂාවක් නොමැති නිසා පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙනතුරු පසුගිය 21 දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබෙනවා.

    මෙලෙස රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (23) සවස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

    මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛා ලේකම් ජගත් දිසානායක මහතා සහ ඩයගම ප්‍රාදේශීය ලෝහල් භාර වෛද්‍ය නිලධාරිනි මිනෝෂා වැලිකන්න මහත්මිය කියා සිටියේ වෛද්‍ය නිලධාරිනියන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක පොලිසිය විසින් ආරක්ෂාව තහවූරු කරනතෙක් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසාා දැමීමට කටයුතු කළ බවයි.

    නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාල යටතේ පාලනය වන ඩයගම ප්‍රාදේශීය රෝහලේ දිගු කාලයක් පුරාවට රෝගීන් සමග බීමතින් පැමිණෙන හිතවතුන් හා සහායකයන්ගෙන් බැන තර්ජනය කිරීම්, මරණීය තර්ජන එල්ල කිරීම්, දිගටම සිදුවී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍ය නිලධාරිනියන් විසින් පොලිසිය ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් පොලිසිය ආරක්ෂාව සැපයීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.

    එවන් පසුබිමක ඉකුත් 20 වන දීපවාලි දින රෝගියෙකු සමග පැමිණි බාහිර පුද්ගලයෙකු විසින් නිසි ලෙස ප්‍රතිකාර නොකරන බව පවසා වෛද්‍ය නිලධාරින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන වෛද්‍ය නිලධාරී දෙදෙනාට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ පිළිබඳ විමසීමක් සිදු කල රෝහලේ රියදුරුවරයාට රෝගියා සමග පැමිණි බාහිර පුද්ගලයා විසින් යකඩයකින් පහර දී තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    එදින රාත්‍රියේ වෛද්‍ය නිලධාරීවරියන්ගේ නේවාසිකාගාරයට රතිඤ්ඤා දල්වා විසි කරමින් බාධා කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිලි සිදුකර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා තිබී ඇති අවස්ථාවේදීද පොලිසිය තුලම සිට නැවත වරක් වෛද්‍ය නිලධාරීවරියන්ට මරණය තර්ජන එල්ල කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

    වගකිවයුතු බලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා පොලිසියෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සහ ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන් ඉල්ලා සිටින්නේ සිය සේවාවක් සිදුකිරීමට හැකිවන අයුරින් අවශ්‍ය ආරක්ෂාව සපයා දෙන ලෙසයි.

    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත බැකෝ සමන්ට අයත් අධිසුඛෝපභෝගි බස් රථ දෙකක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group