ඊයේ දින පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී රාජ්‍ය සේවකයින්ට අද දින රාජකාරි නිවාඩු ලබා දී තිබෙනවා.
ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයින්ට අද දින රාජකාරි නිවාඩු ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.