මා දැල් කර්මාන්තය සදහා දැනට යොදා ගන්නා ට්‍රැක්ටරය ඇතුළු යාන්ත්‍රික උපකරණ රජය විසින් තහනම් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් අද කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා
මෙම තීරණය හේතුවෙන් මා දැල් කර්මාන්තය මෙරටින් තුරන් වීමට ඉඩ ඇති බවයි සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කලේ.
මා දැල් සඳහා යොදාගන්නා යාන්ත්‍රික උපකරණ තුළින් පාරිසරික හානියක් සිදුවේ නම් රජය සිදුකළ යුත්තේ තහනමක් පැනවීම නොව ඒ සඳහා විකල්ප ලබාදීම බවයි ඔවුන් අවධාරණය කලේ.
මෙරට ධීවර කර්මාන්තයේ පන්න ක්‍රම අතර මාදැල් පන්න ක්‍රමය වඩාත් ප්‍රචලිත පන්න ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.
වෙරළේ සිට කිලෝ මීටර දෙකකට වඩා අඩු දුරට මාදැල එලා මසුන් හසුවීමෙන් පසු මිනිස් ශ්‍රමයෙන් දැල ගොඩට ඇඳීම එහිදී සිදු කෙරුණා.
එහෙත් පසු කාලීනව මිනිසුන් වෙනුවට ට්‍රැක්ටර් රථ යොදා මා දැල ආදීමේ ක්‍රමවේදයක් ප්‍රචලිත වුණා.
එමඟින් මුහුදු පතුලට වන හානිය වැඩිවන බවටයි සුලු පන්න ධීවරයින් චෝදනා කරන්නේ.
එවන් තත්ත්වයක් යටතේ ට්‍රැක්ටර් ඇතුළු යාන්ත්‍රික උපකරණ යොදා මා දැළ ඇදීම තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉතා කඩිනමින් මේ සදහා රජය විසින් විසදුම් ලබා දිය යුතු බවයි .











