අලුත්ගම, කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක්, කලුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(10) අලුයම 5.40ට පමණ සිදු වූ මෙම අනතුරෙන් 26 හැවිරිදි විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අලුත්ගම, කළුවාමෝදර, කන්ද විහාර පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටි තරුණයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
උදෑසන ආහාර ගෙන ඒමට නිවසේ සිට බේරුවල නගරය වෙත යමින් සිටියදී මෙම අනතුරුට ඔහු මුහුණදී අති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බනධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













