මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් අද(02) සිදුකර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාව සිය නිවසේ තනිවම සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාව ද සිය නිවසේ තනිව සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා.
එසේම එහි පදිංචි 51 හැවිරිදි පස් දරු පියා ද ඔහුගේ නිවසේ නිදා සිටියදී මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බව හෙළිව තිබෙනවා.
මාවනැල්ල මූළික රෝහලේ තැන්පත් කර තිබූ මළ සිරුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබෙනවා.













