පසුගිය මැතිවරණ සමයේදී හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියූ පිරිස් සමග ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම එම හොරෙැන් සත්ගුණවත් පිරිස් බවට පත්කිරීමක් බව සමස්ත ලංකා ප්‍රගතිශිලී පෙරමුනේ මහලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසනවා.
රාජ් ප්‍රසාද් මහතා මේ බව කියා සිටියේ එම පෙරමුණේ හැටන් කාර්යාලයේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියා.
පසුගිය පළාත් පාන මැතිවරණයේදී ජාතික ජන බලවේගය, වේදිකාව දෙවනත් කරමින් පැවසුව් තම අපේක්ෂකයන් හැර අන් පිරිස් හොරුන් දූෂිතයන් බැවින් ඔවුන්ට ඡන්දය නොදෙන්නෙ කියලා.
එහෙත් මැතිවරණයෙන් පස්සේ ජාතික ජන බලවේගයට 50%ක් නොලැබුණු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට එදා හොරුන් දූෂිතයන් ලෙසින් හැඳින්වූ පිරිස් එක් කරගැනීමට ඔවුන් පියවර ගත්තා.
විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්විට හොඳින්ම පෙනී යන දෙයක් තමයි පසුගිය කාලය පුරාවට හොරුන් කියමින් ජාතික ජනබලවේගය ප්‍රතික්ෂේප කරපු පක්ෂවල අය සමගින් මේ පළාත් පාලන අයාතනවල බලය පිහිටුවලා තියෙන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධුරය එදා ප්‍රතික්ෂේප කරපු අයට දීලා ජාතික ජනබලවේගය උපසභාපතිකම අරන් තියෙනවා.
තවත් සමහර පලාත් පාලන ආයතනවල සභාපතිකම ජාතික ජනබලවේගය අරන් උපසභාපතිකම එදා ප්‍රතික්ෂේප කරපු අයට දීලා තියෙනවා.
මෙම තත්ත්වයන් මත මෙම සභාවලින් ජනතාවට යහපත් සේවයක් ලැබෙයිද කියන එක අද එම ප්‍රදේශවල ජනතාවටත් ප්‍රශ්නයක් වෙලායි තියෙන්නේ.