සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීවයි.
මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන වන බවයි වාර්තා වුනේ.
එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අත්‍යවශ්‍ය වනවා.
මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බවයි මාලදිවයින් රජය සඳහන් කරන්නේ.
තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරනවා.
උණුසුම් පුවත්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්












