හැමිල්ටන් ඇළ ආසන්නයෙන් ගමන් ගන්නා මාර්ගයේ ගිලාබැස ඇති ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන තිබෙනවා.
නාත්තන්ඩියේ සිට හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාදම්පේ ලුණුඔය දක්වා හැමිල්ටන් ඇළ ආසන්නයෙන් ගමන් ගන්නා මාර්ගය කලක සිට ගිලාබැසීමට ලක්ව තිබෙනවා.
එම ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මාදම්පේ සිට නාත්තන්ඩිය හරහා ගමන් ගන්නා මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු හලාවත කොළඹ මාර්ගයේ නිරන්තරයෙන් ඇතිවන වාහන තදබදය අවම කරගත හැකි වනවා.
මේ අතර වැලිමඩ ගුරුතලාව සිට අලුගොල්ල හරහා බෝගහකුඹුර මාර්ගයේ කොටසක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා.
ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැයකර තිබෙනවා.
මාර්ගය කිලෝමීටර් තුනහමාරක දුරක් මෙසේ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.