මෙරට පළමු මාර්ගගත කලාපකරණ තොරතුරු යෙදවුම අද දින සිට භාවිතයට එක්කර ගැණුනා
මෙම නව්‍ය යෙදවුම මගින් මහජනතාවට පහසුවෙන් තම දේපළ පිහිටි ස්ථානයට අදාළ වන කලාපීකරණ තොරතුරු සහ රෙගුලාසි පහසුවෙන් දැන ගැනිමේ අවස්ථාව උදාවනවා.
නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පර්යේෂණ මධ්‍යස්ථානය සහ භූ ගෝලීය තොරතුරු පද්ධති අංශය සමග එක්වයි මයිසෝන් යු ඩී ඒ යෙදවුම නිර්මාණය කර ඇත්තේ.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ තාක්ෂණික සහායද මේ සදහා ලැබී තිබෙනවා.