සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ දේහයක් මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිසිටය ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනයකද මළ සිරුරු සොයා ගත් බවයි.
පාලප්පානි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ කාන්තාවක් මෙලෙස මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගොස් සිටි කාන්තාවකගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිට බවයි පොලිසිය පවසන්නේ.
එසේම කාන්තාව පැළඳ සිටි රන් ආභරණ අස්ථානගත වී ඇති බවටද දැනට කරන ලද විමර්ශනවවලදී අනාවරණ වී තිබෙනවා.
මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.