
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 282ක හෙවත් රුපියල් මිලියන 591ක පමණ ආධාර ප්‍රදානයක් ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ජපානයේ විවිධ විශ්වවිද්‍යාල හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන්ට පශ්චාත් උපාධි පුහුණුව ලබා දීමයි. ඒ තුළින් ඔවුන් අදාළ ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කෙරෙනු ඇති. 2027 වසරේදී ආරම්භ වන වසර 2ක පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු ජපානය වෙත යැවීමට නියමිතයි. රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මුල්‍ය හා ආයෝජන කළමනාකරණය, සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ගණනාවක් මේ යටතේ ආවරණය වනවා. මෙයට අදාළ ගිවිසුම් ඊයේ කොළඹදී පැවැත්වුණු උත්සවයකදී අත්සන් කළා. ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති අකියෝ ඉසෝමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට අත්සන් තැබුවා.














