මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ඊයේ (20) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මහා පන්විල රක්වාන රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු(27) වන පන්විල මොහොට්ටාලගේ ලසන්ත චින්තක සමන් මොහොට්ටාල නමැති පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සති දෙකක පමණ සිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස වෙද නලාවද බෙල්ලෙ දමාගෙන රෝහල තුළ කටයුතු කර ඇති අතර එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳව රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන්ට හා රෝහල් අධ්‍යක්ෂකවරයාට ඇතිවූ සැකය පිළිබඳව අධ්‍යක්ෂකවරයා විසින් මෙම පුද්ගලයා පිළිබඳව මාතලේ පොලිසියට දැනුම් දී තිබේ.
අදාළ සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දීමට අනුව මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මාතලේ අපරාධ අංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරන අතර සැකකාර පුද්ගලයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.