Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට

    මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට

    2023-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.13 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළා.

    නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලි මස 12 වැනිදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේදී නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 සහ 29 හැවිරිදි වියේ පසුවන මාතර නාවිමන සහ කැකණදුර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමට සම්බන්ධව ඇති බව අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව සිද්ධියට සම්බන්ධ 27 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචි අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

    මෙහිදී මෙම සැකකරුවන් විසින් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොරකම් කර තිබෙනවා.

    එම රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වී රුපියල් දෙලක්ෂ 80,000ක මුදලකට අලෙවි කර තිබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.

    ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 37 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    එමෙන්ම රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය මිලදීගත් 32 හැවිරිදි වියේ පසුවන සැකකරු ද විමර්ශන අතරතුරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර සැකකරුවන් විසින් සොරකම් කර ඇති ටී 56 වර්ගයේ ගිනි අවිය පසුගිය අගෝස්තු මස 08 වනදා දික්වැල්ල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය බවටද අනාවරණව වී තිබෙනවා.

    මෙම ගිනි අවියද සැකකරුවන් විසින් රුපියල් 250,000ක මුදලකට අලෙවි කර ඇති අතර එය මිලදීගත් පුද්ගලයා සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    පෙර පුව​තප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන සමුගනියි
    ඊළඟ පුව​ත පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group