සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් හෙවත් මධුෂ් ලක්ෂිතගේ ඝාතනය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බවත් ඒ සදහා කටයුතු කල සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බාරදෙනු ලැබුවා.
ඒ ඔහුගේ බිරිඳ වන ගයානි මුතුමාලි මහත්මිය විසින්.
නීතිඥ සේනක පෙරේරා මහතා සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා මහතා ඇතුළු පිරිසක් ද මෙහිදී පොලිස් මූලස්ථානය වෙත පැමිණ සිටියා.
අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකු මේ සදහා වගකිව යුතු බවයි.
මාකඳුරේ මදුෂ් නැමැත්තා වසරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවයි ඔවුන් සදහන් කලේ.
අදාළ පුද්ගලයා ඇසුරු කළ සහ ඔහුගේ වත්කම් පිළිබඳ බොහෝ දෙනා දැන සිටි බවත් ,කරුණු යටපත් කිරීම උදෙසා මෙවැනි ඝාතනයක් සැලසුම් සහගතව සිදු කර ඇති බවයි ඔවුන් චෝදනාකරන්නේ.