ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිලධාරීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත් එම නිලධාරීන්ට නව තාක්ෂණ්‍ය උපයෝගී කර ගනිමින් පොලිස් විමර්ශන සිදු කිරීමට අවස්ථාව සහ ආයතන පිහිටුවා තිබියදී මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන සිදුකිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.
නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඒ බව කියා සිටියේ ජාත්‍යන්තර වධහිංසා වැළැක්වීමේ දිනය නිමිත්තෙන් “ඒ මම වෙන්න පුළුවන්” යන මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් හැටන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත් කිරීම සඳහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ අද(25) පැවැති සම්මන්ත්‍රණයකදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේ ඇතැම් පොලිස් නිලධාරීන්ට පුහුණු නොකරන ලද අවි ආයුධ ලබාදෙන බවත් ඒවා ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීම තුළින් ඇතැම් සැකකරුවන්ට සහ එය භාවිතා කළ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුවීමේ අවදානමක්ද පවතින බවයි.