පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා.
තැපැල් ඡන්ද ප්රකාශ කිරීම පසුගිය 31 වන දා ආරම්භ වුණා.
එහිදී දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථාන මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්යාලවල නිලධාරින්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වුණා.
එමෙන්ම අද සහ ලබන 04 වනදා අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.