ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසමන් මහා රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර මහියංගණය ඇසළ පෙරහැරේ සිව් වන රන්දෝලි පෙරහැර සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ සහභාගී වී තිබුණා.
පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්තියා මත සදහතුක කරඩුව තැන්පත් කිරීමද ජනාධිපති තුමන් සුරතින් සිදු වුනා.
මෙම අවස්ථාවට ආදි වාසී නායක ඌරු වලිගේ වන්නිල ඇත්තෝ සහ දේශපාලඥයින් මෙන්ම ප්‍රදේශ වාසී බොහෝ පිරිසක් එක්ව සිටියා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට










