දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවත් කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සිය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ රෝග පාලනය සදහා සියලු පාර්ශව වහාම කැඳවා සාකච්ඡා කළ යුතු බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ දිස්ත්‍රික්ක 04ක වී වගාව ආශ්‍රිතව පැතිර යන රෝග පිළිබද පරික්ෂා කිරීම සදහා නිලධාරී කණ්ඩායම් අදාළ දිස්ත්‍රික්ක වෙත දැනටමත් පිටත් කර යවා ඇති බවයි