මහරගම, නාවින්න ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහරගම පොලීසිය පවසනවා. නාවින්නේ පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. මේ වන විට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. තුවාලකරුවන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
- උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැ
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට











