2024 – 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන 31 වැනිදා දක්වා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
මීට පෙර ඒ සඳහා ලබා දී තිබූ කාලය ලබන සදුදායින් අවසන් වීමට නියමිතව තිබුණා.