දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවයි ඒ මහතා සදහන් කළේ.
මේ අතර මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසනවා.
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බවයි එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා සදහන් කළේ.
මේ අතර පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා..
එහි සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගතහැකි වන වයි.
මේ අතර ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඓතිහාසික සෝමාවතිය පුදබිම මහා දැවැන්ත ජලකඳකින් යටවීමත් සමග දින 11කට පසු විවෘත කර තිබෙනවා.
පූජාභූමියට ගමන් කළ හැකි ප්‍රධාන මාර්ග දෙකම මේ වන විට කිසිදු ගංවතුර අවධානමකින් තොරව පවතින බවයි වාර්තා වන්නේ.











