මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අනතුරුදායක තත්ත්වයක් පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයෙන් දුම්රියක් ධාවනය කිරීමට ද බලධාරීන් පියවර ගනු ලැබුවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පිළිසකර කළ ස්ථානයෙන් ධාවනය කළ අතර ගැටලුවකින් තොරව දුම්රිය මහනුවර දක්වා ගමන් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.