මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.