සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට සෙවනගල පොලිසිය පවසනවා.
පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වූ සෙවනගල මහගම ජනපදයේ පදිංචිකරුවෙක්.
ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ තවත් අයෙක් හබුරුගල බෝධිරාජ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇති බවයි පොලිසිය කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.
මෘතදේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.