එලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමාගේ ධුර කාලය අවසන් වී ඇති බව එලොන් මස්ක් නිවේදනය කර ඇති බවයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.
එහිදී මස්ක් පවසා ඇත්තේ ‘‘මගේ කාලය අවසන්‘‘ යනුවෙනි.
අභ්‍යවකාස හා තාක්ෂණය පිළිබඳ ප්‍රකෝටිපති එලොන් මස්ක් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියා ලෙස ඔහුගේ ධුර කාලය අවසන්ව ඇති බව නිවේදනය කරනු ලැබුවේ නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබාදීඹ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ස්තුතිය පළ කරමිනි.
DOGE මෙහෙයුම කාලයත් සමග රජය තුල ජීවන මාර්ගයක් බවත් පත්වීමට තරම් ශක්තිමත් එකක් වන බව මස්ක් කියා සිටිනවා.
2024 වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය දැක්වූ විශාලතම ආධාරකරුවා ඩොලන්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මස්ක්ගේ ඉවත් වීම සිදුවන්නෙ ට්‍රම්ප්ව විවේචනය කළ දිනයෙන් දිනකට පසුවයි.
එහිදී මස්ක් පවසා ඇත්තේ “පනතක් විශාල විය හැකිය. නැතහොත් එය ලස්සන විය හැකිය. නමුත් එම දෙකම විය හැකිදැයි මම නොදනිමි. ” එය මාගේ පෞද්ගලික මතයයි යනුවෙනි.