වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙක් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් මස 9 වන දින අම්බලන්ගොඩ පැටිවත්ත, වතුගෙදර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට අදාළව සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(11) දහවල් කාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වන පින්නදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.