පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදීයි.
අදාළ කේරළ ගංජා තොගය මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවත් උපයෝගි කරගනිමින් මෙරටට රැගෙන ඒමට උත්සහා කිරීමේ දී සොයාගෙන තිබුණා.
වැටලීම සිදුකරන අවස්ථාවේදී යාත්‍රාෙව් සිටි පුද්ගලයින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගුදමක් වෙත ගුවන් තැපෑලෙන් ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී රුපියල් 31 කෝටි 20 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ, අද පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී.
මෙම මත්ද්‍රව්‍ය තොගය අතර මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් සොයාගෙන තිබුණා.
මේවා කුරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියාව, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණා.
අදාළ පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් සිදුකළ විමර්ශනයේදී අදාළ ලිපිනයන් සියල්ල ව්‍යාජ බවට අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.