පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක වීරක්කොඩි මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකාර ධනුෂ්ක වීරක්කොඩි මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය විසින් අද(01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අදාළ නඩුව අද දිනයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් සැකකරු ලක්ෂ විස්සක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.