පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ 2024 වසරේ පොලිස් පරීක්‍ෂකවරුන් බඳවාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳවයි.
මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන් පවසා ඇත්තේ පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්‍ෂණවලින් පසුව ඒස ඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබාදීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයන් සිය දෙනා වෙත ලබානොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවටයි.
ඒ අනුව මේ හරහා දූෂණයක් සිදුව ඇති බවද ඒ සම්බන්ධව පොලිසිය භාර ඇමැතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.