මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් අද සිට සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
ඒ අනුව මෙම ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා.
ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙසGovPayගෙවීම් පහසුකම මෙම වසරේ හඳුන්වා දෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














