මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතිනවා.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.