මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(24) දින අධික සීතල කාලගුණ තත්ත්වයක් සහ ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ.
එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අතර නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබෙනවා.













