මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්. නානායක්කාර මහත්මිය ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සභාපතිවරයා මුදාහැරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සභාපතිවරයා පසුගිය 2 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.













