නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත කොළඹ 9 ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශන සිදු කර තිබෙනවා.
ඒ අනුව වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වූ කරුණු අනුව මහර, වරාහේන්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 250ක් වූ ඉඩමක් තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව නීති විරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකරු ඊයේ(14) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 33ක් වන ආරාමය පාර, කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
ඒ අනුව සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 7ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











