අද සිට ක්රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම ප්රකාශ කරනවා.
ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90 කින් මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 ක මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.